සුභාවිත සාහිත සිසිලෙන් නිවී සැනසෙන වස් – විභාවි

සුභාවිත සාහිත සිසිලෙන් නිවී සැනසෙන වස් “විභාවි” අනුකලන අවකලනයන්ට ඈදුණු සිත් සෞන්දර්ය හා ආකලනය වනු පිණිස රුහුණු විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය හා කලා සංගමය විසින් සංවිධානය කළ “විභාවි” ඉංජිනේරු ශිෂ්‍ය සාහිත්‍ය උළෙල 2025 ක් වූ දුරුතු මස 22 වන දින ඉංජිනේරු පීඨ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. සාහිත්‍ය උළෙලේ මූලික අපේක්‍ෂාව වූයේ විද්‍යාර්ථයින්ගේ සාහිත්‍ය රස වින්දනය වැඩි දියුණු කරවමින් ඔවුනට සාහිත්‍ය දැනුම දැනුම් තෙර පියමනිනට අවස්ථාව උදාකර දීමයි.

සාහිත්‍ය උළෙලට සමගාමීව විද්‍යාර්ථයන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය එදින ප.ව 2.30 සිට DO-1 පරිශ්‍රයේදී ආරම්භ වුණි. මෙම නිර්මාණ තුළින් ඔවුන්ගේ සාහිත්‍ය රසවින්දනය මනාව ඉස්මතු වුණි. සාහිත්‍ය උළෙලට සමගාමීව සංවිධානය කළ ගීත විචාරාත්මක වැඩසටහන ඉන්ජිනේරු පීඨ ශ්‍රවණාගාර පරිශ්‍රයේදී ප.ව.4.30 ට ආරම්භ වූයේ රුහුණු විශ්ව විද්‍යාල මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ආචාර්ය නන්දසිරි කීගෙයහෙට්ටි මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. ගීත විචාරාත්මක වැඩසටහන තුළ සාහිත්‍ය රසවින්දනය මනාව කැටිකර තිබුණි. මෙය ප.ව.4.30 සිට REF MEDIA තුළින් සජීව විකාශය වුණි. “විභාවි” සාහිත්‍ය උළෙල වෙනුවෙන් සහතික ප්‍රධානෝත්සවය සිට ඉන්ජිනේරු පීඨ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙලෙස “විභාවි” සාහිත්‍ය උළෙලේ වැඩ කටයුතු සාර්ථක ලෙස නිමා කරන ලදී.

📸🎶 එහිදී REF Media කැමරා කාචයට හසු වූ දසුන් නැරඹීම සඳහා පහත සබැඳි ඔස්සේ පිවිසෙන්න.

Album 1: https://www.facebook.com/share/p/12G6X5Cd1s5

Album 2: https://www.facebook.com/share/p/161zU5eZ6y

Album 3: https://www.facebook.com/share/p/16GUk5diCb

🎥🎤 විභාවී සජීව විකාශය නැරඹීම සඳහා පහත සබැඳිය ඔස්සේ පිවිසෙන්න.

https://www.facebook.com/share/v/1HFwpViLNy

Picture of theekshana fernando
theekshana fernando
Recent Posts
Scroll to Top

Sri Lanka’s Premier Campus News Platform. Discover the latest university news, events, and stories. Join us to share your campus voice and stay connected!